hero image

විපක්ෂ නායක කාර්යාලය වූකලි සිය කාර්යයන් ඉටු කිරීමේදී පාර්ලිමේන්තුවේ ගරු විපක්ෂ නායකතුමා සහ විපක්ෂය නියෝජනය කරන ගරු මන්ත්‍රීවරුන් වෙත පහසුකම් සලසාලීම පිණිස පිහිටුවන ලද කාර්යාලයයි.

දැක්ම

ආණ්ඩුව සුපරීක්ෂාවට යටත්කොට තැබී‌ම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ විශිෂ්ටතම ආයතනය බවට පත්වීම.

මෙහෙවර

ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනාත්මක විග්‍රහයකට ලක් කිරීම, ආණ්ඩුව ප්‍රශ්න කරමින් එහි වගවීම සහතික කිරීම, විකල්ප යෝජනා කිරීම හා නව ආණ්ඩුවක් පිහිටුවීම උදෙසා පාර්ලිමේන්තුවේ විපක්ෂය වෙත අවශ්‍ය පහසුකම් සම්පාදනය

විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය නිවේදන

විපක්ෂ නායකතුමාගේ රාමසාන් පණිවුඩය

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මාසයක් පුරා උපවාස ශීලය රැකීමෙන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු එළැඹෙන ඊදුල් ෆීතර් උත්සවය ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් උත්සවයක් ලෙස හැඳින්විය හැකිය. ඉස්ලාම් දහම තුළ පවතින අධ්‍යාත්මික හර පද්ධතිය මෙන් ම මානව හා සමාජ වටිනාකම් මැනවින් හඳුනා ගැනීමට රාමසාන් හෙවත් ඊදුර් ෆීතර් උත්සව සමය කදිම අවස්ථාවකි. ජනතාව විසින් දියත් කරන ලද සාමකාමී අරගල සමයේ අප මෙකී සහෝදරත්වයේ දෑත් රට වෙනුවෙන් දික් වූ අයුරු දැක්කෙමු. සිංහල, හින්දු, කතෝලික, ඉස්ලාම් යනාදී කුමන ජාතියක් නියෝජනය කළත් අප රට වෙනුවෙන් එකම ජාතියක් ලෙසින් එක මවකගේ දරුවන් ලෙසින් පෙරට පැමිණියෙමු. ඒ සහෝදරත්වයේ දෑත ඉදිරියටත් ශක්තිමත් කිරීමට හැකිවේවා යනුවෙන් මේ උතුම් රාමසාන් දිනයේ හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිමි. ඒ තුළින් බංකොලොත් වී ඇති අප රට ලෝකයේ අංක 1 රට බවට පත් කිරීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට එක්වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ශ්‍රී ලාංකික මෙන් ම සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා යි හෘදයාංගම සුභාශිංසන පිරිනමමි.

විපක්ෂ නායකතුමාගේ තෛපොංගල් පණිවිඩය

අලුතින් නෙළා ගත් අස්වැන්න හිරු දෙවියන් වෙත පූජා කර එළැඹෙන වසරේ යහපත උදා කර දෙන මෙන් මෙහි දී ඉල්ලා සිටියි. අප රට තුළ නිර්මාණය වූ බංකොලොත්භාවයත් සමඟ ඇති වූ අභියෝගාත්මක වසරක් අවසානයේ තවත් අභියෝග රැසකින් යුත් වසරකට අප එළැඹ තිබේ. මෙකී අභියෝගයන්ට අප ජාති, ආගම්, කුල, ගෝත්‍ර භේදයකින් තොරව මුහුණ දිය යුතු වේ. ඒ සඳහා අවශ්‍ය වන ස්වාභාව ධර්මයේ ආශිර්වාදය මෙවර තෛපොංගල් දිනයේදී ලබා ගෙන ලෝකයේ අංක 1 රට බවට පත්වීමේ නව ගමනකට, නව වෙනසකට එක්වන ලෙස සකළ ලෝකවාසී ශ්‍රී ලාංකිකයන්ගෙන් මේ මොහොතේ ඉල්ලා සිටියි.

විපක්ෂ නායකතුමාගේ අලුත් අවුරුදු පණිවිඩය

මේ එළැඹෙන නව වසර ශ්‍රී ලාංකික අපට තීරණාත්මක වර්ෂයකි. එය රටේ අනාගතය තීරණය කරන මැතිවරණ රැසක් පැවැත්වීමට නියමිත වර්ෂයකි. එබැවින් මෙතෙක් අප ලබා ඇති ජයග්‍රහණයන් හි ඵල සාමකාමීව භුක්ති විඳිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගනිමින් ජාතික අපේක්ෂා සම්පූර්ණ කර ගැනීමට සියලු දෙනාම එකට එක්වන ලෙස ඉල්ලා සිටිමි. මේ නව වසරේ හෝ ජනතා අභිලාෂයන් ඉටු කර ගැනීමට හැකියාව ලැබේවා යන්න මාගේ ඒකායන ප්‍රාර්ථනයයි.

විපක්ෂ නායකතුමාගේ නත්තල් පණිවිඩය

කුමන ජීවන තත්ත්වයක් ගත කළ ද කුඩා පැල්පතේ සිට මහා මන්දිරයේ සිටින මිනිසුන් දක්වා තමන්ට හැකි අයුරින් නත්තල් සමරති. “යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙය ද, අයහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ අයහපත් දෙය ද වපුරන බව” බයිබලයේ සඳහන් ව තිබේ. මින් පැහැදිලි වන්නේ යහපත, මනුෂ්‍යත්වය පිරුණු රටක්, ලොවක් වෙනුවෙන් කැපවීමට ජේසු සමිදු මාර්ගය පෙන්වා දී ඇති බව යි. ශ්‍රී ලාංකේය කිතුනු ජනතාව දැන් වසර කිහිපයක සිට වින්දිතයෙක් ලෙස පාස්කුව හා නත්තල එකට ගෙන අත්විඳින තත්ත්වයකට පත්ව ඇත. ඔවුන්ට තවමත් සාධාරණය ඉටු නොවීම සහ චූදිතයන් හඳුනා ගැනීමට කටයුතු නොකිරීම හේතු කොට ගෙන වින්දිතයන් තවමත් ඛේදවාචකය තුළම ගිලෙමින් සිටි. අප යළි යළිත් අවධාරණය කරන්නේ පාස්කු ප්‍රහාරයේ චූදිතයන් හඳුනා ගෙන වින්දිතයන්ට සාධාරණය ඉටුකරන ලෙස ය. නත්තලේ පණිවුඩය මිහිමත සකල ජනතාවට සාමය උදාවේවා යන්න යි. විමුක්තියේ පණිවුඩය ලොවට ගෙනයමින් සැබෑ නත්තලේ අරුත විදහාලන සතුට සාමය සපිරි සුබ නත්තලක් වේවායි පතමු

විපක්ෂ නායකතුමාගේ දීපාවලී දින පණිවුඩය

උදා වූ දීපාවලී ආලෝකයෙන් ඔබ සැමට සෞභාග්‍යමත් අනාගතයක් කරා පියනැගීමට අවශ්‍යය නිවැරදි මාවත ඒකාලෝක වේවා !

Surprise Cabinet reshuffle and increasing internal dissention

2023.10.23

නබි නායකතුමාගේ උපන් දිනය වෙනුවෙන් විපඛ්ෂ නායකතුමා විසින් නිකුත් කළ සුභාශීංසන පණිවිඩය

නබි නායකතුමාගේ උපන් දිනය වෙනුවෙන් විපඛ්ෂ නායකතුමා විසින් නිකුත් කළ සුභාශීංසන පණිවිඩය

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය ගෞරවයෙන් සමරමු!

පාර්ලිමේන්තුවේ යෝජනා සහ ප්‍රශ්න

විපක්ෂ නායක

පාර්ලිමේන්තු කතාව - 2023.11.16

අයවැය දෙවනවර කියවීමේ විවාදය

27(2) ප්‍රශ්නය - 2023.10.18

විදුලි ගාස්තු තුන්වන වරටත් සංශෝධනය සඳහා කර ඇති ඉල්ලීම

පාර්ලිමේන්තු කතාව - 2023.10.20

ඊශ්‍රායල සහ පලස්තීන යුද්ධය

ප්‍රශ්න - 2023.08.24

SupremeSAT ව්‍යාපෘතිය - චන්ද්‍රයාන් 3 අභ්‍යවකාශ යානය අභ්‍යවකාශගත කිරීම සඳහා ඉන්දියාව වැය කර තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 263ක් පමණි

27(2) ප්‍රශ්නය - 2023.10.17

මිල්කෝ සහ NLDB ගොවිපළවල් පවත්වාගෙන යාම සඳහා අමුල් සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ යෝජනාව

27(2) ප්‍රශ්නය - 2023.09.05

2023 වසරේ උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේ පැවැත්වීමෙන් සිසුන්ට සිදුවන අසාධාරණය

ප්‍රශ්න

ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධ ප්‍රශ්න

27(2) ප්‍රශ්නය

ඖෂධ හිඟය සහ වෛද්‍ය හා සෞඛ්‍ය සේවක හිඟය

විපක්ෂය

කල්තැබීමේ විවාදයේ මාතෘකාව - 2023.10.04

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ පාඨමාලාව සිංහල හා දෙමළ මාධ්‍ය සිසුන්ට අහිමි කිරීම

කල්තැබීමේ විවාදයේ මාතෘකාව -2023.10.04

වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාව

කල්තැබීමේ විවාදයේ මාතෘකාව

පාස්කු ප්‍රහාරය සම්බන්ධව

පාර්ලිමේන්තු කාරක සභා

විශේෂ කාරක සභා

ආංශික අධීක්ෂණ කාරක සභා

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා

විපක්ෂ නායක

ගරු සජිත් ප්‍රේමදාස මහතා (පා.ම.)

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.

විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක

ගරු ගයන්ත කරුණාතිලක මහතා (පා.ම.)

විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක

ගරු ජේ. සී. අලවතුවල මහතා (පා.ම.)

පාර්ලිමේන්තු දින දර්ශනය

19

September 2024

මෙම දිනය සඳහා සිදුවීම් නොමැත.

වාඩි වී සිටින දිනයන්

අයවැය දිනයන්

කමිටු_රැස්වීම්

අනික්

Sun
Mon
Tue
Wed
Thu
Fri
Sat
 
 
 
 
 

විපක්ෂ නායක සතිය

විපක්ෂ නායක කාර්යාලය, ශ්‍රී ජයවර්ධනපුර-කෝට්ටේ, ශ්‍රී ලංකාව

+94(112)777263

+94(112)777285/+94(112)777257

oppositionleaderoffice@gmail.com

Ⓒ All rights reserved - DLAD Software Solutions 2023